මතක ඔක්කොම
මාත් එක්කම
මොහොතකට
මියැදෙන්න දෙන්නම්;
හුඟක් බර නම්
කඳුළු බිඳුවෙන්
හිමින් සීරුවේ
පොළෝ තලයම
වෙලා ගන්නම්...
තනිව ආගිය මගේ
නැවතුමක් මම සෙව්වේ
අහම්බෙන් වගේ
නැවතුණේ දෙහිතක් අතරේ
කඳුළු බිඳුවකට
නැවතෙන්න ඉඩ දුන්නේ
සංසාර මාවතේ
තනිය මන් ඩැහැගත්තේ...
අත් හැරුණු පසුවද
ඉන්න තිබුණා නුඹට,
තිබුනා නම්
මා ගැනම
පමණකුදු
ප්‍රේමයක්...
හිත් දෙකක් තියාගෙන
ළං වුණේ නුඹ වෙන හිතක
සංසාරෙ කළ පවට
හිත ගියේ අහිතකට
🖤🥀✍️......
ජයමාලි...✍️