මව්පිය උණුසුම ලබමින් හය හතරක් නොතේරෙන අවධිය ගත කළ ද ඉන් පසු මව්පිය උණුසුමින් තරමක් ඈත් වී සිප් සතර හැදෑරීමට පාසල කරා පිය මැනීමට දරුවන්ට සිදු වේ.ඉන් පසු රැකවරණය ලැබෙනුයේ ගුරු මව් පියන්ගෙනි."ගුරුවරු දෙවියෝ ය"යන උදාර සංකල්පය පෙරදැරි කර ගනිමින් අසීමිත දැනුම් සම්භාරයක් ගුරු මුෂ්ටියකින් තොරව ලබාදීම තුළින් ශිෂ්‍යයින්ට යහපත් අනාගතයක් ගෙන දීමට ගුරුවරුන් ඉටුකරන කාර්යය ප්‍රශංසනීයය.ශිෂ්‍යයකුගේ දක්ෂතාව නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි වූ ගුරුවරියක ඉන් දුකට පත්වීම තේමා කර ගනිමින් ප්‍රදීපිකා පතිරාජ කිවිදිය "ගුරු වලප පද්‍ය" පන්තිය රචනා කර ඇත.
"හුළං නැති ස්කූටරය තල්ලු කරගෙන එනකොට
ළඟට ම දිවවිත් ඇයි ටීච මක් වීද විමසන
විනාඩියකුදු නොයවා ගෙන සකලවිධ ආයුධ
මා නොකී අඩුපාඩු සොය සොයා සාදන"
ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පවතින්නේ ඉතා අවියෝජනීය සබඳතාවයකි.ගුරු ගෞරවය තිබූ ශිෂ්‍යයා සිය ගුරුවරියට උදව් අවැසි අවඅවස්ථාවේදී එය ඉටු කිරීමට පෙලඹීම ඉතා අගය කළ යුතුය .ප්‍රශ්නාර්ථවාචී බස් වහර කැටි කොට ගනිමින් ගුරුවරයා කෙරෙහි ශිෂ්‍යයා තුල පැවති ලෙන්ගතුකම මෙමගින් පෙන්වා දෙන අතර ළඟට ම දිවවිත් ,විනාඩියකුදු නොයවා යන පද යොදා ගැනීම තුළින් ගුරුවරියට උදව් කිරීමට ශිෂ්‍යයාගේ යුහුසුළු පෙළඹීම අර්ථ ගන්වයි.
"පසුම්බිය අරිනා විට
සල්ලි මොකටද ටීච
ඕනෙ වේලක එන්ඩ
කියමින් මජං අත පිහිදන"
ශිෂ්‍යයා තුළ පැවති ගුරු ගෞරවය ,කරුණාශීලී ගුණය,නිහතමානී බව,කලගුණ සැලකීම ආදිය මනාව ඉතා සංයමයෙන් පෙන්වා දෙන කිවිඳිය සහෘද සිතට කරුණාව නම් උදාර සංකල්පය ගෙත්තම් කරමින් සහෘද සිත නවමු දිශාවකට ගෙන යාමට අපූර්ව පද සංඝටනය ඉවහල් කරගෙන ඇත.
"වැඩියෙන්ම ගුටි කාපු අසමත්ම ශිෂ්‍ය නුඹ"
පාසල් කාලයේ දී අධ්‍යාපන අංශයෙන් දක්ෂතා නොදක්වා ගුරුවරියගෙන් දඬුවම් ලැබූ මෙම ශිෂ්‍යයා පිළිබඳ අතීතාවර්ජනයක් කිරීමට පෙළඹෙනුයේ නොදැනුවත්වමය.
"දී යතුර මා අතට දණ නමා වඳින විට
යකුළු පහරක් වැඳී දෙපළු විය පුතේ මා හදවත"
අධ්‍යාපනික අංශයෙන් වැඩි දක්ෂතාවක් නොපෙන්වූ නිසාමෙම ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරිය වැඩි අවධානයක් ලබා දී නොතිබුණු අතර එම නිසා ශිෂ්‍යායාගේ ස්වාභාවය හා සැඟවුණු දක්ෂතා පිළිබඳ ගුරුවරියට නිසි අවබෝධයක් නොවීය .විභවිභාගවලින් අසමත් වුවද ගුණදම්වලින් පිරිපුන් ශිෂ්‍යයෙකුගේ උත්තරීතර බව දකින ගුරුවරියගේ සිත කරුණාවෙන් බරිත වේ.
"නොබලා ඔබේ ඇස් දෙක
බිම බලාගෙන හැරී යමි"
"ප්‍රමාදය පසු තැවීමට හේතු වේ"යන කියමන සිහි ගන්වමින් ගුරුවරියගේ කණගාටුවට පෙන්වා දීමට කිවිඳිය මෙහිදී උත්සාහ ගෙන ඇත.
"ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ
අසමත්ම ගුරුවරිය ලෙස"
ශිෂ්‍යයා දෙස එක් දෘෂ්ටි කෝණයකින් පමණක් බලා ශිෂ්‍යයාගේ සහජ හැකියා අවබෝධ කිරීමට උත්සාහ නොකිරීම හේතුවෙන් ශිෂ්‍යයාට අසාධාරණයක් වූයේ යැයි ගුරුවරිය ශෝකයට පත් වේ.සංව්දී සිඳුවීමක් සියුම් ලෙස විවරණය කරමින් සරල බස,කටවහර මිශ්‍රිත බස,නිසදැස් ආකෘතිය අපූර්ව ලෙස යොදා ගනිමින් සංකල්පරූපානුසාරයෙන් ගුරුවරියකගේ කණගාටු ස්වාභාවය විවරණය කරමින් කිවිඳිය අපූර්ව ලෙස සිය නිර්මාණය ඉදිරිපත් කිරීමට ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇත.
💫ජයමාලි...💫
💖💖💖💖💖
ReplyDelete