සීත මිහිදුම්
කඳු ශිඛර අතරින්
විහිදෙමින් ..........
මුදු පවන් රැල්
ගත දැවටෙමින්
කියයි ලෙන්ගතු මතකයන් .........
සසර ගමනේ
හදවතේ රැඳි
සොඳුරු සරසවි මිතුදමින් ..........
සතුටු සයුරේ කිමිදුනේ
ලෙන්ගතුකමින් ...........
හීනයට පාර කියමින්
මිතු වදන් ............
සියොත් කැළ මෙන්
නිදහසේ තුටු විඳී
සබරෙ සරසවි
මව්ගෙ දරුවන් ..........
අනාගත ලොව
මිණි කිරුළු
හිස පලඳවා
තුටු වේය නිතැතින් .............
සමනල වැව් පහස විඳිමින්
බෙලිහුල් ඔයේ සිසිලෙන්
ආදර කන්දට අරුතක්
කැටිකර
සොබාදම් මාතාව
ලෙන්ගතු සිතුවිලි
සිත්තම් කරමින්
මිතුදම් වඩයි නිතැතින් .............
එකා මෙන් සැම
එකම ගමනක්
යන්න සැරසෙයි
මේ සොඳුරු මල් මාවතේ.......
💫ජයමාලි💫
❤️❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete💖💖
Deleteජිවිතේ ලස්සන මතක ගොඩ නගන
ReplyDeleteඅපුරු නවාතැනකි සරසවිය..
තුටු කිරුළු පලදින්න ..
සුභාසිංශන මගෙන් ඔබට 🌹🌹🌹