Tuesday, June 4, 2024

අහේතුක දුක


විසල් දුක්

හද කොනක

තවමත් 

ශේෂව 

එහෙත්,

ඒ 

අහේතුවක්...

අහම්බකාරයෙක්...

කිසිවෙකුට 

නොවැටහෙන්නක්...

පන්හිදට පමණකුදු

ශේෂ වූ 

විරාමයක්...

තවත්

නිසොල්මන් හෝරාවක්...

අවැසි නමුදු

අස්වැසිල්ලක්

විඩාබර 

බලාහිඳීමක්

තවමත්...

සිතන්නට යමක්

තිබිය හැකිද 

අහේතුක දුකක්? 🖤✍️😔


Jayamali...✍️











මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...