Wednesday, July 31, 2024

සරසවි රීඩිම

තෙවන වසර දෙවැනි සමාසිකයේ දී,

හැල්මේ දුවන කාලය

නවත්වන්නට නොහැකි වග

ටිකෙන් ටික මතකයේ පුරවයි

වසර 25කුත් ගෙවී ගොස් හමාරයි.

මතකයන් පිරුණු සරසවි දිවිය

තව නොබෝ කාලයයි

ගෙවුණු වසර තුනට තවත් ඉතිරිව ඇත්තේ 

එක් වසරකි.


විභාගය .........................................................

සරසවි රීඩිමේ 

නිහඬ නිදිවර්ජිත රාත්‍රීන් 

එකින් එක් ගෙවී යයි.

කාලයක සේයාව තවම සිත පාරවයි

අහඹු හමුවීම් ගැන ටිකෙන් ටික මෙනෙහි වෙයි

හමුවීම් වෙන්වීම් තවම සිත පාරවයි.

මතකයන් පුරවන්න ලං වෙච්ච හිත් ගොඩායි

පොත් අතර හිත දුවන මගේ හිත එක තැනක නතර වෙයි🥺













මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...