Saturday, January 29, 2022

විදු මෑණිය

 



පුරා දහතුන් වසරක් 

පොත් මිටිය දෝතින් අරන්

හිමිදිරි  උදෑසන 

නියර දිගේ

කඩිමුඩියේ 

පියමැන්නෙමි 

ඔබ තුරුලට

විදුහල් මෑණියනි...

සිප් සතර දී අපට  

යහගුණ වඩන්නට

නිබඳවම 

ඔබෙ සෙනෙහෙ තිලිණ කළ

විදුහල් මෑණියනි...

ගුණ නුවණ පිරි

දරු කැලක් 

සමාජයට තිලිණ  කරන්නට 

ඔබේ  සෙවණින්

ලැබුනු මෙහෙවර අපමණයි....

ඔබෙන් ලද පන්නරය

නව ලොවක් තැනුමට

බෙහෙවින්  ම අවැසි විය

විදුහල් මෑණියනි ......






💫ජයමාලි...💫











2 comments:

මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...