Saturday, January 29, 2022

සුරකිමු පණ මෙන් පරිසරය





විශාල ගොඩනැගිල්ලක් දිගු කලක් තිස්සේ නොනැසී පැවතීමට එහි ශක්තිමත් පදනම ආධාර වන්නේ යම් සේද සුවඳ හමන රටක ස්ථිරසාර පැවැත්මට සොඳුරු පරිසරය පදනම් වෙයි.දිනෙන් දින ශීඝ්‍ර දියුණුව කරා පියමනින මිනිසා සොඳුරු පරිසරයට විශාල අප ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇසිපිය ගසන්නාක් මෙන් වේගයෙන් නිදහස් කරන්නේ අනාගත ලොවට හතුරුකම් කරන්නා සේ පටු ආත්මාර්ථකාමී හැඟීම් සිත් පුරා තබා ගෙන ඇති හෙයිනි .

අපද්‍රව්‍ය පරිසරයට බැහැර වීම වර්තමානයේ ඉතා ඉහල මට්ටමක පවතී.දශක කිහිපයකට පෙර පැවති සුන්දර වෙරළ තීරය,අව්‍යාජ ගැමි පරිසරය,සුවඳ හමන රට වර්තමානය වනවිට හාත්පසින් ම වෙනස් වී අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර නොකිරීම හේතුවෙන් අසුන්දර පරිසරයක් බවට මේ වනවිට පත් වී හමාරය .

කළමනාකාරීත්වයෙන් අපද්‍රව්‍ය  නිසි ලෙස බැහැර කිරීම තුලින් ඉතා සුන්දර පරිසරයක් නිර්මාණය කළ හැකි වන අතර ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා ගත හැක.විවිධ අර්ථකථන දිදී සුසුම් හෙලමින් බලා සිටීම නොව  පක්ෂ ,පාට ,භේද දුරලා පරිසරය රැක ගැනීමට කටයුතු කළ යුතුය.එය අප සැමගේ පරම යුතුකම වන්නේ ය. 





💫ජයමාලි...💫





2 comments:

මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...