රමණීය වාග් චිත්ර මවමින් ඇසූ දේ හා දුටු දේ ඇසුරින් ගිරා කතුවරයා ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමට යොදාගෙන ඇති අතර ප්රතිභා පූර්ණ කවීත්වය මඟින් ගිරා කතුවරයා යමක් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ වාසනා ගුණය මැනවින් නිරූපණය කර ඇත.ගිරා සංදේශයේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කළ වැනුම් ලෙස මඟ වැනුම ,වන වැනුම ,උදා,සැඳෑ,නිසා වැනුම් ගත හැකි ය.
"අතු අතිනැ'ද ගසාය තුරු රැසාය
කෙළන පන්දු ලෙසාය සහ තොසාය
පැනගෙන වන හිසාය මහ අසාය
යන වඳුරන් නිසාය නොවලසාය"
ජීවී වස්තු ලෙස වඳුරන් යොදාගෙන ඇති අතර ගස් අතු නැමැති අත්වලින් ඇද ගසමින් සතුටින් පන්දු ගැසීමක් ලෙස වඳුරන් ගස්වල අතුවලින් පැනීම දක්වා ඇත.එක් අත්තක සිට තවත් අත්තකට පනින අයුරු පන්දුවක් ලෙස දකින ගිරා කතුවරයාගේ මෙම ස්වභාව සෞන්දර්ය වර්ණනා චාතූර්යයේ ප්රතිභා සම්පන්න කවීත්වය මනාව ප්රකට කරයි.
"නිති වැළලා ගෙන තුරු හිමියනි
එන බමරුන් දැහැ පලු පතකිනි
සිවි පිපිලිය දැක කුල'ගන මෙනි
සකි ලස නොව යව තොස වඩමිනි"
වන වැනුමේ එන මෙම වර්ණනාව මඟින් ද ගිරා කතුවරයාගේ ප්රතිභා පූර්ණ කවීත්වය මනාව ප්රකට කරයි .ගස් නැමැති සැමියන් වැල් නැමැති කාන්තාවන් වැළඳ ගෙන සිටින බව මෙමඟින් කියවේ.වැල් නැමැති කුල කාන්තාවන්ගේ මල් පිපී ඇති විට බමරුන් පැමිණේ.බමරුන් නැමැති පරපුරුෂයන් එනවිට කුලකාන්තාවන් ඔවුන්ට පහර දී පලවා හරිනු ලබයි.
"ලක කොම ළ'ඟ සමනොළ ගිරි හිසින් ගොතා
හළමන රඟ මලිගිය මල් දමින් යුතා
වරලස රඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා
දිළි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා"
මග වැනුමෙහි එන කළු ගඟ වර්ණනාව මගින් කියවෙන්නේද ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය යි.සමනල කන්දේ සිට ගලන ගංඟාව ලංකාව නැමැති කෝමල කාන්තාවගේ හිසෙහි කේෂ කලාපය ලෙස දක්වයි.එහි පෙණ කැටි කේෂ කලාපයේ ගැවසූ මාලිතී මල් ලෙස දකින ගිරා කතුවරයා ඉතා අපූර්වත්වයෙන් මෙය දකින අතර ප්රතිභා පූර්ණ කවීත්වය ප්රකට කිරීමට මෙය ඉවහල් කර ගෙන ඇත.මේ අයුරින් ගිරා කතුවරයා ඉතා අපූර්වත්වයෙන් ගිරා සංදේශයේ ස්වභාව සෞන්දර්යය වර්ණනා කරයි.
💫ජයමාලි....💫
ලස්සනයි 💖💖
ReplyDelete