Tuesday, May 28, 2024

ලස්සනම දවසක් බලාපොරොත්තුවෙන්

 


මන් ආසම තනියම ඉන්න

ඒ ඇයිද කියලා මන් දන්නෙ නෑ 

ඒත්,

ඒ තනිකම මට ගොඩාක් පුරුදුයි

හිත් රිදීම් ගොඩාක් මැද 

ජීවත් වෙනවට වඩා 

පුරුදු පාඩුවේ මගේ විදියට ජීවත් වෙන්න මට ඕනි වුණා

ජීවිතේ ලස්සන කරන්න එක එක අය මඟ දි මුණ ගැහෙයි.

ඒත් ඒ ටික කාලයයි.

මන් දන්නෙ එච්චරයි. 

කඳුළු හංගන් හිනාවෙන්න විතරයි.

කවදම හරි දවසක මම හොයන ජීවිතේ මට ලැබෙයි.

ඒ දවස එනකම් 

ගොඩාක් දේ ලියවෙයි.

ඒ වෙන හැම දේකින්ම සොබා දහමේ

මතක පොතේ පිටු එකින් එක පිරවෙයි.🥺❤️


Jayamali...✍️ 







No comments:

Post a Comment

මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...