කොහෙද
ඒ අහංකාර හඳ
හ්ම්ම්
එයත් අද තරහින්
ඉතින්
මන් තනි තරුවක්
Jayamali ...✍️
කාලයක බලාහිඳීමක්
එහෙත්,
එය
කෙටි කාලීන ඇමතුමක්
සංවාද
විසංවාද
ගොන්නක්
බැඳීම් මෙන්ම
හිත් රිදුම්
එහෙත් කාර්තුවක්
දිගු නිහැඬියාවක්
පාලුවක්
තනිකමක්
ශේෂ වූ මතකයක්
එක තැනක නතර වුණු
කාලයේ සේයාවක්
නැවත නොයෙන
සේ හැඟෙන
එක්තරා ඇමතුමක්
එහෙත්,
නොඉවසිල්ලෙන්
බලාහිඳිමි
එසේ
නැවත එන
ප්‍රේමණීය ඇමතුමක් 🔊📲
Jayamali ...✍️
පෙරලුවෙමි
පිටු දහසක්
එහෙත්,
'ප්‍රේමය' නමින්
හිස් පිටුවක්
එය,
එක් පිටුවක්.
තවමත්
ඉතිරි වුණු
ලියන්නට නොහැකි වූ
තනි පිටුවක්💕
Jayamali...✍️
ප්‍රේමයක්
එය එක්තරා වචනයක්
දුරකතන ඇමතුම් කිහිපයක්
කෙටි පණිවුඩ ගොන්නක්
බලාපොරොත්තු කන්දක්
සමවයස් මිතුරෙක්
එහෙත්,
ඒක දිග කතාවක්
සරසවි මතකයක්
ඇයගේ කුළුදුල් පෙමක්
එහෙත් අයිතියක් නැති හදවතක්🥺🖤
Jayamali...✍️
මන් ආසම තනියම ඉන්න
ඒ ඇයිද කියලා මන් දන්නෙ නෑ
ඒත්,
ඒ තනිකම මට ගොඩාක් පුරුදුයි
හිත් රිදීම් ගොඩාක් මැද
ජීවත් වෙනවට වඩා
පුරුදු පාඩුවේ මගේ විදියට ජීවත් වෙන්න මට ඕනි වුණා
ජීවිතේ ලස්සන කරන්න එක එක අය මඟ දි මුණ ගැහෙයි.
ඒත් ඒ ටික කාලයයි.
මන් දන්නෙ එච්චරයි.
කඳුළු හංගන් හිනාවෙන්න විතරයි.
කවදම හරි දවසක මම හොයන ජීවිතේ මට ලැබෙයි.
ඒ දවස එනකම්
ගොඩාක් දේ ලියවෙයි.
ඒ වෙන හැම දේකින්ම සොබා දහමේ
මතක පොතේ පිටු එකින් එක පිරවෙයි.🥺❤️
Jayamali...✍️
මතක ඔක්කොම මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම් කඳුළු බිඳුවෙන් හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...