ජීවිතයේ වැඩියෙන්ම තරහ වුණ
ජීවිතයේ හැම දේම බෙදා ගත්ත
ඒ ලස්සන බැඳීම
සහෝදර බැඳීම
සැපේදිත් දුකේදිත්
ළඟින් හිඳ
සැමදෙයට අත හිත දෙමින්
සහෝදර බැඳීම
ශක්තියක් වෙයි...
හැම මොහොතකම
අත් නොහැර සිටින්නේ නම්
ඒ සහෝදර බැඳීම
අගනේය අන් සැමට වඩා....
💫ජයමාලි 💫
ජීවිතයේ වැඩියෙන්ම තරහ වුණ
ජීවිතයේ හැම දේම බෙදා ගත්ත
ඒ ලස්සන බැඳීම
සහෝදර බැඳීම
සැපේදිත් දුකේදිත්
ළඟින් හිඳ
සැමදෙයට අත හිත දෙමින්
සහෝදර බැඳීම
ශක්තියක් වෙයි...
හැම මොහොතකම
අත් නොහැර සිටින්නේ නම්
ඒ සහෝදර බැඳීම
අගනේය අන් සැමට වඩා....
💫ජයමාලි 💫
පුරා දහතුන් වසරක්
පොත් මිටිය දෝතින් අරන්
හිමිදිරි උදෑසන
නියර දිගේ
කඩිමුඩියේ
පියමැන්නෙමි
ඔබ තුරුලට
විදුහල් මෑණියනි...
සිප් සතර දී අපට
යහගුණ වඩන්නට
නිබඳවම
ඔබෙ සෙනෙහෙ තිලිණ කළ
විදුහල් මෑණියනි...
ගුණ නුවණ පිරි
දරු කැලක්
සමාජයට තිලිණ කරන්නට
ඔබේ සෙවණින්
ලැබුනු මෙහෙවර අපමණයි....
ඔබෙන් ලද පන්නරය
නව ලොවක් තැනුමට
බෙහෙවින් ම අවැසි විය
විදුහල් මෑණියනි ......
💫ජයමාලි...💫
විශාල ගොඩනැගිල්ලක් දිගු කලක් තිස්සේ නොනැසී පැවතීමට එහි ශක්තිමත් පදනම ආධාර වන්නේ යම් සේද සුවඳ හමන රටක ස්ථිරසාර පැවැත්මට සොඳුරු පරිසරය පදනම් වෙයි.දිනෙන් දින ශීඝ්‍ර දියුණුව කරා පියමනින මිනිසා සොඳුරු පරිසරයට විශාල අප ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇසිපිය ගසන්නාක් මෙන් වේගයෙන් නිදහස් කරන්නේ අනාගත ලොවට හතුරුකම් කරන්නා සේ පටු ආත්මාර්ථකාමී හැඟීම් සිත් පුරා තබා ගෙන ඇති හෙයිනි .
අපද්‍රව්‍ය පරිසරයට බැහැර වීම වර්තමානයේ ඉතා ඉහල මට්ටමක පවතී.දශක කිහිපයකට පෙර පැවති සුන්දර වෙරළ තීරය,අව්‍යාජ ගැමි පරිසරය,සුවඳ හමන රට වර්තමානය වනවිට හාත්පසින් ම වෙනස් වී අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර නොකිරීම හේතුවෙන් අසුන්දර පරිසරයක් බවට මේ වනවිට පත් වී හමාරය .
කළමනාකාරීත්වයෙන් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම තුලින් ඉතා සුන්දර පරිසරයක් නිර්මාණය කළ හැකි වන අතර ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා ගත හැක.විවිධ අර්ථකථන දිදී සුසුම් හෙලමින් බලා සිටීම නොව පක්ෂ ,පාට ,භේද දුරලා පරිසරය රැක ගැනීමට කටයුතු කළ යුතුය.එය අප සැමගේ පරම යුතුකම වන්නේ ය.
💫ජයමාලි...💫
සිසිල් සුළඟට මුසු වූ
ළදලු බෝ පත්
හඬින් පිබිදෙන
කොත් කැරැලි අඟ රැදුණු
වලාවන්ගෙන් සුසැදි
වෙහෙර බිම පුරාවට
දැල්වූ පහන් සිළුවෙන්
ආලෝක ගැන්වෙන...
සිත නිවන බණ පදම
සවන් ගැන්වෙන
සොඳුරු හැඟුමක්
තිලිණ වන්නේ...
බවුන් වඩනා
සිල්වත් උවැසියො
බුදු වදනින්
සිත පහන් කරන්නේ
කරුණා ගුණයේ
මහිමය පෙරටුව
වෙහෙර බිමේ
සිරි අසිරි ගෙනෙන්නේ...
💫ජයමාලි...💫
මේ ලොව හැමෝට ම
දුක දැනුනද
මේ ලොව හැමෝම
දුක හැඳිනුවද
තමන්ගේ නොව
තව කෙනෙකුගේ
දුක බෙදා ගන්නට
හැකි නම් එය
උතුම් වන්නේ ය
අන් සිතක් සුවපත් කරන්නට
ඇති උතුම් හදවතත්
ආත්මීය බැඳීමත්
අගනේය
මහ මෙරක් ලෙසින්
වැටුණු විට සිනාසෙන්න නොව
දිරි දෙන්න හැකි නම්
එය උතුම් වන්නේය.....
💫ජයමාලි....💫
ලස්සන හීන
එකින් එක
ඉටු කරන්නට
කළ යුතු කැපවීම්
අනන්තයි අපමණයි
ආ මඟ කොපමණද
යා යුතු මඟ කොපමණ දුරද
කළ යුතුය කැපවීම්
ජය ලබන්නට දිවිය
ලොවක් නිදි දෙව්දුවගෙ
තුරුලේ නැලවුණත් සුවසේ
හීනයට මං සොයන
නුඹ තාම නිදි නැතිව
සොයයි ලස්සන දිවිය
අද නුඹේ කැපවීම
ජය ගෙනෙයි
මතු දිනෙක
ඉත සිතින් එවිට නුඹ
සතුට ගෙන්වයි නිතින..
💫ජයමාලි...💫
කටු අතරෙ සුපිපි
රෝස මල සුවඳ විදාලයි
පිවිතුරුයි
හරි ලස්සනයි
මඩ වගුරු තුල සුපිපි
සුදු නෙළුම සුවඳ විදාලයි
පිවිතුරුයි
හරි ලස්සනයි
ගුණ සුවඳ පිරි ලොවත්
නැණ මිහිර වැඩු ලොවත්
පහන් සිතුවිලි පිරි ලොවත්
විකසිත මල් මෙන්
හරි ලස්සනයි
පිවිතුරුයි..
💫ජයමාලි...💫
ජීවිතය විටෙක හරි සුන්දරය
විටෙක හරි අමිහිරි ය
ලස්සන හීන හොයන්
එකින් එක පිටු පෙරලමින්
ගලා යයි ගඟක් මෙන්
බාධක මැදින්
පොදි බඳින හීනයන්
ඉටුවෙන්න එකින් එක
සොඳුරු ආයාචනා
හිත සිතින් එක් කරන
නව දිනට ආසිරි දෙන්න
සියලු සිත් සුවපත් වන්න
හැම පැතුම් ඉටුවන්න
පතන්නෙමි නිතින්......
💫ජයමාලි...💫
සීතල නැගෙනා හිමිදිරි උදයේ
දහසක් දරුවන්ගේ
නැණ ගුණ වඩන්නට
පියමනින ගුරු මව්වරුනි
ගුරු පියවරුනි
ඔබ කරනා මෙහෙය
අපමණ ය
අප දිවිය සාර්ථක වන්න
ඔබෙන් ලද නිති සහය
අගනේය මහමෙර තරම්.....
නිබඳවම ශක්තිය වෙමින්
සෙවනැල්ල සේ අප ලඟින් හිඳ
නිසි මඟට යන්නට
දෙ ඇස් පෑදූ
ගුරු මව්වරුනි
ගුරු පියවරුනි
ඔබේ ගුණ මහිමයට
සදා ණය ගැතිය...
💫ජයමාලි....💫
රමණීය වාග් චිත්‍ර මවමින් ඇසූ දේ හා දුටු දේ ඇසුරින් ගිරා කතුවරයා ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමට යොදාගෙන ඇති අතර ප්‍රතිභා පූර්ණ කවීත්වය මඟින් ගිරා කතුවරයා යමක් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ වාසනා ගුණය මැනවින් නිරූපණය කර ඇත.ගිරා සංදේශයේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කළ වැනුම් ලෙස මඟ වැනුම ,වන වැනුම ,උදා,සැඳෑ,නිසා වැනුම් ගත හැකි ය.
"අතු අතිනැ'ද ගසාය තුරු රැසාය
කෙළන පන්දු ලෙසාය සහ තොසාය
පැනගෙන වන හිසාය මහ අසාය
යන වඳුරන් නිසාය නොවලසාය"
ජීවී වස්තු ලෙස වඳුරන් යොදාගෙන ඇති අතර ගස් අතු නැමැති අත්වලින් ඇද ගසමින් සතුටින් පන්දු ගැසීමක් ලෙස වඳුරන් ගස්වල අතුවලින් පැනීම දක්වා ඇත.එක් අත්තක සිට තවත් අත්තකට පනින අයුරු පන්දුවක් ලෙස දකින ගිරා කතුවරයාගේ මෙම ස්වභාව සෞන්දර්ය වර්ණනා චාතූර්යයේ ප්‍රතිභා සම්පන්න කවීත්වය මනාව ප්‍රකට කරයි.
"නිති වැළලා ගෙන තුරු හිමියනි
එන බමරුන් දැහැ පලු පතකිනි
සිවි පිපිලිය දැක කුල'ගන මෙනි
සකි ලස නොව යව තොස වඩමිනි"
වන වැනුමේ එන මෙම වර්ණනාව මඟින් ද ගිරා කතුවරයාගේ ප්‍රතිභා පූර්ණ කවීත්වය මනාව ප්‍රකට කරයි .ගස් නැමැති සැමියන් වැල් නැමැති කාන්තාවන් වැළඳ ගෙන සිටින බව මෙමඟින් කියවේ.වැල් නැමැති කුල කාන්තාවන්ගේ මල් පිපී ඇති විට බමරුන් පැමිණේ.බමරුන් නැමැති පරපුරුෂයන් එනවිට කුලකාන්තාවන් ඔවුන්ට පහර දී පලවා හරිනු ලබයි.
"ලක කොම ළ'ඟ සමනොළ ගිරි හිසින් ගොතා
හළමන රඟ මලිගිය මල් දමින් යුතා
වරලස රඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා
දිළි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා"
මග වැනුමෙහි එන කළු ගඟ වර්ණනාව මගින් කියවෙන්නේද ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය යි.සමනල කන්දේ සිට ගලන ගංඟාව ලංකාව නැමැති කෝමල කාන්තාවගේ හිසෙහි කේෂ කලාපය ලෙස දක්වයි.එහි පෙණ කැටි කේෂ කලාපයේ ගැවසූ මාලිතී මල් ලෙස දකින ගිරා කතුවරයා ඉතා අපූර්වත්වයෙන් මෙය දකින අතර ප්‍රතිභා පූර්ණ කවීත්වය ප්‍රකට කිරීමට මෙය ඉවහල් කර ගෙන ඇත.මේ අයුරින් ගිරා කතුවරයා ඉතා අපූර්වත්වයෙන් ගිරා සංදේශයේ ස්වභාව සෞන්දර්යය වර්ණනා කරයි.
💫ජයමාලි....💫
සඳ රැස් හෙමින් මැකී යන්නේ
හිරු රැසට තවත් ඉඩ හසරක් තබා
නැඟී එන හිරු රැසින්
පුබුදුවන ලෝ සතුන්
සිය දිවියේ පහන් සිතුවිලි
තුරුළු කරන්
නව මං පෙතකට
පෙරමන් බලමින්
ප්‍රාර්ථනාවන් සිත තුල රඳවා
සොඳුරු හැඟුමින්
ගෙවන සිය දිවිය
විටෙක සුන්දර වුවද
තව විටෙක දුක් බරය
💫ජයමාලි...💫
සුවඳ විහිදුවන නෙළුම් කැකුළියේ
කිමද නුඹ මුකුලිත වුණේ
සඳරැස් නැගෙනා
නිසල රැයේ
මා පමණක් තනි වී ඇත්තේ
දෛවයේ සරදම කෙලෙස කියන්නද
නොදනී මා අද
වෙනදා මෙන් නොව
රළ නංවන මහ වැව් කොමළිය අද
මා සමඟම
නිහඬ නිසසලව බලා සිටී
ලෝකය මෙතරම් නිහඬව සිටිනා
දවසක් නොදනෙමි මින් පෙර.......
💫ජයමාලි...💫
මව්පිය උණුසුම ලබමින් හය හතරක් නොතේරෙන අවධිය ගත කළ ද ඉන් පසු මව්පිය උණුසුමින් තරමක් ඈත් වී සිප් සතර හැදෑරීමට පාසල කරා පිය මැනීමට දරුවන්ට සිදු වේ.ඉන් පසු රැකවරණය ලැබෙනුයේ ගුරු මව් පියන්ගෙනි."ගුරුවරු දෙවියෝ ය"යන උදාර සංකල්පය පෙරදැරි කර ගනිමින් අසීමිත දැනුම් සම්භාරයක් ගුරු මුෂ්ටියකින් තොරව ලබාදීම තුළින් ශිෂ්‍යයින්ට යහපත් අනාගතයක් ගෙන දීමට ගුරුවරුන් ඉටුකරන කාර්යය ප්‍රශංසනීයය.ශිෂ්‍යයකුගේ දක්ෂතාව නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි වූ ගුරුවරියක ඉන් දුකට පත්වීම තේමා කර ගනිමින් ප්‍රදීපිකා පතිරාජ කිවිදිය "ගුරු වලප පද්‍ය" පන්තිය රචනා කර ඇත.
"හුළං නැති ස්කූටරය තල්ලු කරගෙන එනකොට
ළඟට ම දිවවිත් ඇයි ටීච මක් වීද විමසන
විනාඩියකුදු නොයවා ගෙන සකලවිධ ආයුධ
මා නොකී අඩුපාඩු සොය සොයා සාදන"
ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පවතින්නේ ඉතා අවියෝජනීය සබඳතාවයකි.ගුරු ගෞරවය තිබූ ශිෂ්‍යයා සිය ගුරුවරියට උදව් අවැසි අවඅවස්ථාවේදී එය ඉටු කිරීමට පෙලඹීම ඉතා අගය කළ යුතුය .ප්‍රශ්නාර්ථවාචී බස් වහර කැටි කොට ගනිමින් ගුරුවරයා කෙරෙහි ශිෂ්‍යයා තුල පැවති ලෙන්ගතුකම මෙමගින් පෙන්වා දෙන අතර ළඟට ම දිවවිත් ,විනාඩියකුදු නොයවා යන පද යොදා ගැනීම තුළින් ගුරුවරියට උදව් කිරීමට ශිෂ්‍යයාගේ යුහුසුළු පෙළඹීම අර්ථ ගන්වයි.
"පසුම්බිය අරිනා විට
සල්ලි මොකටද ටීච
ඕනෙ වේලක එන්ඩ
කියමින් මජං අත පිහිදන"
ශිෂ්‍යයා තුළ පැවති ගුරු ගෞරවය ,කරුණාශීලී ගුණය,නිහතමානී බව,කලගුණ සැලකීම ආදිය මනාව ඉතා සංයමයෙන් පෙන්වා දෙන කිවිඳිය සහෘද සිතට කරුණාව නම් උදාර සංකල්පය ගෙත්තම් කරමින් සහෘද සිත නවමු දිශාවකට ගෙන යාමට අපූර්ව පද සංඝටනය ඉවහල් කරගෙන ඇත.
"වැඩියෙන්ම ගුටි කාපු අසමත්ම ශිෂ්‍ය නුඹ"
පාසල් කාලයේ දී අධ්‍යාපන අංශයෙන් දක්ෂතා නොදක්වා ගුරුවරියගෙන් දඬුවම් ලැබූ මෙම ශිෂ්‍යයා පිළිබඳ අතීතාවර්ජනයක් කිරීමට පෙළඹෙනුයේ නොදැනුවත්වමය.
"දී යතුර මා අතට දණ නමා වඳින විට
යකුළු පහරක් වැඳී දෙපළු විය පුතේ මා හදවත"
අධ්‍යාපනික අංශයෙන් වැඩි දක්ෂතාවක් නොපෙන්වූ නිසාමෙම ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරිය වැඩි අවධානයක් ලබා දී නොතිබුණු අතර එම නිසා ශිෂ්‍යායාගේ ස්වාභාවය හා සැඟවුණු දක්ෂතා පිළිබඳ ගුරුවරියට නිසි අවබෝධයක් නොවීය .විභවිභාගවලින් අසමත් වුවද ගුණදම්වලින් පිරිපුන් ශිෂ්‍යයෙකුගේ උත්තරීතර බව දකින ගුරුවරියගේ සිත කරුණාවෙන් බරිත වේ.
"නොබලා ඔබේ ඇස් දෙක
බිම බලාගෙන හැරී යමි"
"ප්‍රමාදය පසු තැවීමට හේතු වේ"යන කියමන සිහි ගන්වමින් ගුරුවරියගේ කණගාටුවට පෙන්වා දීමට කිවිඳිය මෙහිදී උත්සාහ ගෙන ඇත.
"ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ
අසමත්ම ගුරුවරිය ලෙස"
ශිෂ්‍යයා දෙස එක් දෘෂ්ටි කෝණයකින් පමණක් බලා ශිෂ්‍යයාගේ සහජ හැකියා අවබෝධ කිරීමට උත්සාහ නොකිරීම හේතුවෙන් ශිෂ්‍යයාට අසාධාරණයක් වූයේ යැයි ගුරුවරිය ශෝකයට පත් වේ.සංව්දී සිඳුවීමක් සියුම් ලෙස විවරණය කරමින් සරල බස,කටවහර මිශ්‍රිත බස,නිසදැස් ආකෘතිය අපූර්ව ලෙස යොදා ගනිමින් සංකල්පරූපානුසාරයෙන් ගුරුවරියකගේ කණගාටු ස්වාභාවය විවරණය කරමින් කිවිඳිය අපූර්ව ලෙස සිය නිර්මාණය ඉදිරිපත් කිරීමට ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇත.
💫ජයමාලි...💫
වචනයෙන් නොකිව්වට
නිහඬවම ආදරය
සිත තුළ සඟවාගෙන
මගෙ දිවියේ හැම මොහොතකම
මට ශක්තියක් වුණු
අප්පච්චී
ගිනි මද්දහනේ පිච්චෙමින්
මොර සූරන වැස්සට තෙමෙමින්
දිවා රෑ වෙහෙසෙමින්
කරයි අපමණ කැපවීම් ඔබ
මගේ ලොව තනන්නට
මා පසු බසින හැම විටම
දිරි ගන්වමින් නිබඳවම
යෝධ සෙවනැල්ලක් ලෙසින්
සිටියේ ඔබයි අප්පච්චී
💫ජයමාලි...💫
දස මසක් කුස තුල හොවා
මා ලොවට බිහිකර
ලේ කිරි කර පොවා
මා ඇති දැඩි කළේ
අම්මේ ඔබයි
නිබඳවම
ආදරය,සෙනෙහස,රැකවරණය
මා වෙත තිලිණ කළේ ඔබයි
සියලු රිදවුම් දරාගෙන ඔබ
මගෙ සතුට පැතුවේ නිතින්
සඳක් සේ මගෙ ලොවම සිසිල් කළ
ඉරක් මෙන් මගෙ ලොවම එළිය කළ
ජීවිතයේ ලස්සන වදන
අම්මා ඔබයි
💫ජයමාලි...💫
මතක ඔක්කොම මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම් කඳුළු බිඳුවෙන් හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...